Jetbrains IDE setup කරගන්න විදිහ…..

IDE (Integrated Development Environment)

පරිගණකය සමග වැඩ කරන පුද්ගලයෙක්ට තියෙන වටිනාම දෙයක් තමා තමන්ගේ IDEA එක හෝ text editor එක.IDE සහ Text editor එකක වෙනස, IDE එක මගින් Code editing,Compiling,Debug සහ plugins බාවිතයෙන් තවත් විවිද ප්‍රයෝජන ගන්න පුළුවන්.Text editor එකක සාමාන්‍ය කාර්ය වෙන්නේ editing.මේ post එකෙන් කියන්නේ දැනට අපිට බාවිතා කරන වටිනාම IDE සහ Text Editors කිහිපයක් ගැන සහ ඒ මෘදුකාංගවල සැබෑ ප්‍රයෝජනය ගන්න විදිහ..

1.Jetbrains IntelliJ IDEA

දැනට බාවිතා කරන හොදම IDE එක කිව්වත් කමක් නෑ.. Jetbrains මගින් ලබාදෙන උසස්ම ගනයේ IDE එකක්..Java මූලික කරගෙන තමයි(Inbuilt Java ) මේ මෘදුකාංගය එන්නේ..Community Edition සහ Ultimate විදිහට කොටස් දෙකක් තියෙනවා..ultimate edition එකනම් මුදල් ගෙවා ලබගන්න ඕනි..Community edition එක නොමිලේ බාවිතා කරන්න පුළුවන්.

2016-01-24_15h09_02මේ තියෙන්නේ දැනට තියෙන latest ම version එකේ තියෙන පහසුකම් ටිකක්..(plugins බාවිතා නොකර)

උදාහරණයක් වශයෙන් java project එකක් අරඹ කරන විට එයට අදාළ සියලුම පහසුකම් මෙහිදී මුල සිටම සපයා දෙනව.2016-01-24_15h14_03

java compile කරන්න අවශ්‍ය සියලුම සැකසුම් නිවැරදිද,project location,framework විශාල ප්‍රමාණයක් ආදී ලෙස ඉතාම පිළිවෙලට සකස් කරගන්න පුළුවන්. ඒ වගේම වටිනාම දෙයක් තමා plugins..project එක open කරගත්තට පස්සේ

File –> Settings වලින් අපිට plugins option එකට යන්න පුළුවන්.ඒ එක්කම අපිට අවශ්‍ය වෙනත් වෙනස්කම් උනත් කරගන්න පුළුවන්..2016-01-24_15h19_09

install jetbrains plugin option එකෙන් ගිහින් අපිට අවශ්‍ය plugins install කරන්න පුළුවන්..උදාහරණයක් ලෙස python සදහා plugin එක install කල පසු නැවත project එකක් open කරන විට python project එකක් සදහාද පහසුකම සැලසෙනවා..එතැන් සිට python interpreter එක setup කරගැනීමේ සිට සියලුම දේ සදහා පහසුවෙන් යොමු කෙරෙනවා..

IntelliJ Ultimate edition එකෙන් අවශ්‍ය නම් database(MongoDB,MySql,Oracle),VCS (Version Control Systems),Custom languages(Python,ruby,haskell,R,C/C++), web frameworks, PHP,JS,Bootstrap,Wordpress,Durpal , code editing tools (VIM Emulator)  ආදී දැනට තියෙන නවතම පහසුකම් වලට plugins install කරගන්න පුළුවන්..

2. Jetbrains PhpStorm

PHP හා ඒ ආශ්‍රිතව අනිත් languages සමග වැඩ කරන අයට උචිතම IDE එක තමා PhpStorm.IntelliJ වලට සමානයි,,සියලුම interfaces,ඒ වගේම settings සියලුම දේ ඒ හා සාමානයි.Jetbrains වලින් ලබාදෙන සියලුම IDE වල consistence බව දැකගන්න පුළුවන් වීම විශේෂ ලක්ෂණයක්.MS Office package එකේ කුමක් හෝ මෘදුකාංගයක් බාවිතා කල අයෙක්ට එම package එකේම අනෙකුත් සේවාවන් ද ඉතා පහසුවෙන් හැසිරවිය හැකියි.ඒ එම package එකේ තියෙන ඒකාකාරී ක්‍රමවේදය නිසා.මෘදුකාංග නිෂ්පදනේයේදී බාවිතා වන වැදගත් සංකල්පයක් තම package එකේ ඒකාකාරී බව. මෙයටත් අවශ්‍ය plugins මගින් ඉතා පහසු මෙන්ම ඉක්මන් වටපිටාවක් හදාගන්න පුළුවන්.

2016-01-24_16h12_58මේ ආකාරයට project හැසිරවිය හැකි අතර file එකක් තෝරාගැනීමේදී අවශ්‍ය සියලුම දේ ලබාදෙනවා.ඒ අතරම විවිද file extension වලටත් පහසුකම ලැබෙනවා. වැදගත් දෙයක් තමා php සදහා interpreter එක සකසා ගැනීම. php වෙනමම install කරනවාට වඩා wamp or xampp වැනි package වශයෙන්  install කිරීම සාර්ථකයි..

File —>Default Settings —>Language & Framework —> PHP

එතන තියෙනව interpreter කියල option එකක්..එතනට අපි php path එක දෙන්න ඕනි .

මගේ wamp folder එකේ php තියෙන්නේ මේ path එකේ..

C:\wamp\bin\php\php5.5.12\php.exe  (php version එක අනුව php5.5.12 වෙනස් වෙනවා.)

මේ path එක දුන්නම IDE එක මගින් Interpreter එක හදුනා ගන්නවා..දැන් බලමු phpstorm එකට php intergrated  ද  කියලා.

1.මුලින්ම wamp server එක start කරන්න.

2.File —>Open මගින් wamp වල www හෝ xampp වල  htdocs folder open කරගන්න.


<?php

phpinfo();

?>

මේ code එක index.php වල ගහල right click—>run හෝ  ctrl+shift+F10 හෝ mouse curser එක දකුණු පැත්තට ගෙන යන විට web browsers කිහිපයක් මතු වෙයි.එයින් අවශ්‍ය එක තෝරන්නත් පුළුවන්..

එවිට install කරලා තියෙන php version එක ගැන විස්තරයක් එනවනම් වැඩේ හරි.

3.Database වලට Jetbrains DataGrip

database handle කරන්න තියෙන අලංකාර මෙනම වටිනාම IDE එක තාමා Jetbrains DataGrip.

phpMyadmin හෝ mysql console එකෙන් හදාගත්ත database එකක් පහසුවෙන්ම මේකට connect කරගන්න පුළුවන්.එතන ඉදන් database එකේ සියලුම දේවල් DataGrip එක හරහා කරන්න පුළුවන්.

මුලින්ම අපි Data Source එක දෙන්න ඕනි..Data Source එක Mysql ද oracle ද ආදී ලෙස..

file —> new —–>Data source

2016-01-24_17h07_47

 

 

 

 

 

 

 

 

 

ඊට පස්සේ අපි එන්නේ මේ වගේ තැනකට..

2016-01-24_17h10_58Name එකට අවශ්‍ය නමක් දෙන්න පුළුවන්..

Host එක local නම් localhost ,එය වෙනස් කරන්නට අවශ්‍ය නෑ..

Database – අපිට connect කරන්න අවශ්‍ය database එකේ නම.

User-username එක …wamp config file වෙනස් කරලා නැත්නම් User = root

Password-Password එක wamp config file වෙනස් කරලා නැත්නම් password එකක් නෑ.

දැන් test connection මගින් database එකට connect උනාද කියලා බලන්න පුළුවන්.

හරියට config කරානම් ..මේ වගේ report එකක් එනවා

2016-01-24_17h18_06දැන් අපිට අවශ්‍ය වෙනස් කම් IDE එක ඇතුලේ ඉදන්ම කරන්න පුළුවන්.

මේ තියෙන්නේ Jetbrains ඔක්කොම IDE ටික.

2016-01-24_17h27_00දැන් කියන්න යන්නේ මේ ලිපියේ වටිනාම දේ ගැන……අනාගතයේ පරිගණක අංශයෙන් ජාත්‍යන්තරට යන පුද්ගලයෙක් වශයෙන් CASE Tools බාවිතා කිරීමේ වටිනාකම අප සෑම කෙනෙක්ම දන්නවා.ජාත්‍යන්තරව පිළිගත් මෘදුකාංග හැසිරවීමේ හැකියාව ඉතා වටිනවා.ඒ වෙනුවෙන් තමා මේ ලිපිය.නීති විරෝදී උනත් සියලුම Jetbrains IDE  register කරගන්න පුළුවන් server එකක් තමා මේ

http://us.idea.lanyus.com/

install කරද්දී මේ පිළිවෙල අනුගමනය කරන්න

1.license activation එකේදී license server තෝරන්න.2016-01-24_17h43_58

 

 

 

 

 

 

 

 

 

2.server එක copy කරලා ok කරන්න.

2016-01-24_17h44_232016-01-24_17h45_36

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sublime Text එකේ වැඩ ඊලග post එකෙන්…comment එකක් දාගෙනම යන්න..

Advertisements

4 thoughts on “Jetbrains IDE setup කරගන්න විදිහ…..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s