Python 3

python කියන්නේ වර්තමානයේ ජනප්‍රියම object oriented programming language එකක්..කුඩා ප්‍රමාණයේ  ඉදන් සංකීර්ණ web applications දක්වා ඕනෑම දෙයකට ගැලපෙන,පහසුවෙන්ම ඉගෙනගන්න පුළුවන් language එකක් තමා මේ.

quick start 

python official website එකට  ගිහින් python නවතම සංස්කරණය download කරගන්න පුළුවන් (https://www.python.org/downloads/)මේ ලිපි පෙලේදී බාවිතා  කරන්නේ  python 3.

hello world

හැමදාම මුලින්ම කරන hello world එක python වලින් කරන්නේ මෙහෙම.print කියන key word එකෙන් තමා python වල යම්කිසි දෙයක් print කරන්නේ..print වෙන්න අවශ්‍ය දෙය parenthesis () ඇතුලේ දාන්න ඕන.

1

 

2python වල වැදගත් දෙයක් තමා indentations(white spaces).සාමාන්‍ය scripting language එකක් වගේ අවශ්‍ය විදිහට white space බාවිතා කරලා python වල programming කරන්න බැ.java,c,php වැනි languages වල code block එකක් හදුනා ගන්න curly brackets බාවිතා කරනවා.නමුත් python වල ඒ වෙනුවට බාවිත කරන්නේ  white spaces. සාමන්යෙන් python වල බාවිතා වෙන්නේ  4 spaces.

comments

python වල comments බාවිතා කරන්න පුළුවන්.pound sign(#) එක ඉදිරියේ තියෙන සියලුම දේවල් python interpreter එක මගින් නොසලකා හරිනවා.

d

 

 

 

 

 

 

 

 

 

Data types

මුලිකව python වල data types 5 ක් තියෙනවා.

  • Numbers
  • String
  • List
  • Tuple
  • Dictionary

1.numbers

numbers වලදී වෙන්නේ කුමන හෝ සංඛ්‍යාත්මක අගයක් රදවා ගැනීම.ඒ සංඛ්‍යාත්මක අගය ධන සංඛ්‍යාවක්,රින සංඛ්‍යාවක්,දශම හෝ සංකීර්ණ සංඛ්‍යාවක් වෙන්න පුළුවන්.විවිද සංඛ්‍යා වර්ග හදුනා ගැනීමට python වලදී.

  1. int – ධන හෝ රින පූර්ණ සංඛ්‍යා
  2. float – ධන හෝ රින දශම සංඛ්‍යා
  3. long int – python 3 මගින් නැවතත් int ලෙසම බාවිතා කල හැක(https://docs.python.org/3.0/whatsnew/3.0.html#integers)
  4. complex – සංකීර්ණ සංඛ්‍යා

බාවිතා  වෙනවා..

2.string

single quotes හෝ double quotes තුල බාවිතා කරන ඕනෑම දෙයක් python මගින් string ලෙස හදුනා ගන්නවා.

 list,tuple,dictionary ගැන ඉදිරියේදී කියනවා.

variables

variable එකකින් වෙන්නේ අපේ දත්ත  තාවකාලිකව රදවා තබාගන්න memory location එකක් දෙන එක.උදාහරණයක් ලෙස “RAJITH” කියන string එක මට නැවත ඕන වෙලාවක බාවිතා කරන්න පුළුවන් විදිහට variable එකක store කරන්න පුළුවන්..

sdpython වල type() function එකෙන් data type එක බලාගන්න පුළුවන්..

wqconditional statements 

python වල conditional statement handle කරන්නේ if statement එකෙන්..කුමක් හෝ condition එකක් සලකා බලා තීරණ ගැනීමට අවශ්‍යනම් if statement එක බාවිතා කරන්න පුලුවන්.

if else11

condition False උනොත් else block එක run වෙනවා.

11if elif else

multiple conditions සලකා බලන්න අවශ්‍යනම් if statement එක තුල තවත් if statement එකක් හරහා condition එක check කරන්න පුළුවන්.

1conditional execution සහ conditional expression වල වෙනස කුමක්ද  ??

Loops

while loop

python වල තියෙන කුඩාම loop එක තමයි while loop එක.උදාහරණයක් ලෙස

1a = 10 වෙනකන් condition True.එම නිසා a = 10 දී while loop එක නවතිනවා.

ss

 

 

 

 

11

 

 

 

 

 

 

 

 

 

 

 

for loop

යම්කිසි අවශ්‍යතාවයක් සම්පුර්ණ වීම දක්වා ක්‍රියාවක් සිදුකිරීමට අවශ්‍යනම් යොදාගන්නේ for loop එක.

python වල for loop එකක් බාවිතා කරන්නේ මෙහෙම..

21for කියන key word එක බාවිතා කරනවා for loop එකට. variable එකක් බාවිතා කරනවා අවසාන ප්‍රතිපලය print කරන්න.(මෙහි variable වෙනුවට i,x වැනි ඕනෑම එකක් යොදාගන්න පුළුවන්).

range(10) වලදී 0 සිට 9 දක්වා loop එක ක්‍රියාත්මක වෙනවා.

for loop එක තව දුරටත් වැඩිදියුණු කරන්න පුළුවන් මේ විදිහට..අපිට අවශ්‍ය range එකක loop එක run කරවන්න පුළුවන්.

1මෙහි min value එක ඇතුළුව සහ max value එක රහිතව output එක ලැබෙනවා.

තව දුරටත් for loop එකෙන් වැඩ ගන්න පුළුවන් ..අපිට step එකක් දෙන්න පුළුවන්..

11111list එකක් for loop එක තුල බාවිතා කරන්නේ කොහොමද?

functions

function එකක් කියන්නේ reusable code එකක්..උදාහරණයක් ලෙස ඉලක්කම් ටිකක් sort කරගන්න function එකක් බාවිතා කලහොත් ..අපිට අවශ්‍ය ඕනෑම අවස්තාවක අපේ අගයන් ටික ලබාදීලා function එක මගින් sort කරගන්න පුළුවන්.sort කරගන්න අවශ්‍ය හැම අවස්ථාවකම sorting වලට ලියපු පොදු  function එක call කරලා වැඩේ කරගන්න පුළුවන්.

python වල function එකක් define කරගන්නේ def key word එකෙන්.

1

 

 

 

 

 

 

 

(function name එකට python key words බාවිතා කරන්න බැ )

සරල උදාහරණයකට,යමක් print කරන්න function එකක් ලියමු.

21testfunction කියන function  එකෙන් “this is a testing” print වෙනවා.මේ function එක වැඩ කරන්න function එක call කරන්න ඕන..code එකේ අවසානයට testfunction() ලෙස function එක call කරලා තියෙනවා.

functions with arguments

උදාහරණයක්ඉ ලෙස අගයන්  දෙකක් එකතු කිරීමට function එකක් බාවිතා කරනවා යයි සිතමු.අපි ලබාදෙන ඕනෑම අගයන් දෙකකට මේ function එක වැඩ කරන්න ඕන.ඒ කියන්නේ අපි ලබාදෙන අගයන් function එකෙන් code එකට ගන්න ඕන..එලෙස අගයන් ගන්න function එක තුල arguments බාවිතා කරන්න ඕන.

1function එක call කරාම අපි ලබාදෙන ඕනෑම අගයන් දෙකක් numberOne සහ numberTwo වලට පිලිවෙලින්  ආදේශ වෙනවා.ඉන්පසු function body එකේ තියෙන ක්‍රියාවලිය සිද්ද වෙනවා.

1මේ ආකාරයට function එක තුල ඕනම arguments ගණනක් බාවිතා කරන්න පුළුවන්.

return 

functions වල තවත් එක අරමුණක් තමා ප්‍රතිපල return කරගැනීම.ඒ කියන්නේ තවත් යම්කිසි දෙයක බාවිතය සදහා output එක ලබාගැනීම.return key word එකෙන් අගයන් return කරගන්න පුළුවන්.

උදාහරණයක් විදිහට..

1funcone function එක call කරාම testfunc function එක print කරන්න ඕන..නමුත් testfunc function එක මගින් string එකක් return කරනවා.එම නිසා අවසානයේ print වෙන්නේ testfunc function එකේ return value එක.

මේ ආකරයට අපිට number,string,objects return කරන්න පුළුවන්.තවත් උදාහරණයක් ලෙස object එකක් මේ විදිහට  return කරන්න පුළුවන්.

1

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s