Python 3 – Lists

Python 3 වල තියන Numbers හා Strings ගැන කලින් Post එකකින් අපි කතා කරා. Python 3 වල තියන තවත් data type වර්ගයක් තමා Lists කියන්නෙ.

Lists

List එකක් කියල කියන්නෙ index එක බින්දුවෙන් (0) පටන් අරන් තියන element ගොඩක එකතුවක් කියල හඳුන්වන්න පුළුවන්. List එකේ වම් පැත්තෙන් පටන් අරන් බින්දුවේ (0) ඉඳන් හරි දකුණු පැත්තෙන් පටන් අරන් රින එකේ (-1) ඉඳන් හරි index කරන්න පුළුවන්.

List එකක් create කරන්න Python වල කොටු වරහන් [] යොදා ගන්නවා.

Create Lists

මේ code එකෙන් List1 නමින් හිස් list එකකුත්, List2 නමින් 1,2,3,4,5 elements තියන list එකකුත් , List3 නමින් a,b,c elements තියන list එකකුත් List4 නමින් 1 හා abc තියන list එකකුත් create කරගන්න පුළුවන්.

 

Accessing List items

List එකක items access කරන්න List එකේ නමට පසුව කොටු වරහන් තුල item එකේ index එක යොදාගන්න පුලුවන්.

Access List

මේ print command එකෙන් List2 , 4 වෙනි index එක සහිත item එක සහ List3, 1 index එක සහිත item එක print කරගන්න පුළුවන්.

Access Lists run

Updating a List

List  එකක තියෙන item එකක් update කරගන්න පහත syntax එක භාවිතා කරන්න පුළුවන්

List_එකේ_නම[අවශ්‍ය_index_එක] = අලුත්_අගය

Update List

මේ code එකෙන් List2 , 2 වෙනි index එක සහිත item එක 10 ලෙසත් List3, 0 වෙනි index එක සහිත item එක z ලෙසත් වෙනස් කරගන්න පුළුවන්. print command එක භාවිතා කරලා item දෙක වෙනස් උන බව තහවුරු කරගන්න පුළුවන්

Update List Run

 

Basic List Operations

  • Len(List_එකේ_නම)
    • මේ command එක භාවිතා කරලා list එකක දිග හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ List එක ඇතුලේ items කීයක් තියනවද කියල හොයාගන්න පුළුවන්
  • +
    • එකතු කිරීමේ ලකුණ (+) භාවිතා කරලා list කීපයක් එකට එකතු කරගන්න පුළුවන්
  • *
    • තරු ලකුණ (*) භාවිතා කරලා list එකක් repeat කරන්න පුළුවන්
  • in
    • in කියන command එකෙන් යම්කිසි අගයක් list එක ඇතුලෙ තියනවද කියල හොයාගන්න පුළුවන්

Basic List Operations

මේ code එකේ #1 පේලියෙන් List1 කියන list එකේ items ගාන print කරලා තියනවා.#2 පේලියෙන් List1 සහ List2 එකට එකතු කරලා print කරලා තියනව. #3 පේලියෙන් List1 කියන list එක දෙපාරක් print කරලා තියනව. #4 පේලියෙන් “a” කියන value එක List1 කියන list එකේ තියනවද කියල බලල print කරලා තියනව. ඊට පස්සේ 1 කියන value එක List1 එකේ තියනවද කියල බලල print කරලා තියනව.

Basic List Operations run

මෙතන අවසාන පේලි දෙකේ True සහ False කියල output එක ඇවිත් තියෙන්නේ List1 කියන list එකේ “a” අකුර තියෙන නිසා සහ 1 කියන ඉලක්කම නැති නිසා.

 

List Methods

append()

List එකේ තිබෙන append method එක භාවිතා කරලා අපට list එක අගට තවත් item එකක් එකතු කරන්න පුළුවන්

List Append

List Append run

මෙතැනදී List1 කියන list එක අගට 5 කියන item එක එකතු වෙලා තියනවා.

 

count()

count කියන method එක භාවිතා කරලා අපිට යම්කිසි value එකක් list එක ඇතුලෙ කීපාරක් තියනවද කියල හොයාගන්න පුළුවන්.

List Count

මේ code එකෙන් list එක ඇතුලෙ 1 ඉලක්කම කීපාරක් තියනවද කියල print කරලා තියනව.

List Count run

 

index()

index කියන method එක භාවිතා කරලා අපිට list එකක් ඇතුලෙ තියන යම්කිසි value එකක index එක හොයාගන්න පුළුවන්. ඒ value එක එක පාරකට වැඩ තියනවා නම් මුලින් ම තියෙන index එක තම ලැබෙන්නේ.

List index

මේ code එකෙන් list එක ඇතුලේ තියන 4 කියන item එකේ index එක print කරලා තියනව.

List index run

 

insert()

insert method එක භාවිතා කරලා list එකේ අපට අවශ්‍ය තැනට item එකක් insert කරගන්න පුළුවන්.

List Insert

මේ code එකෙන්  List1 කියන list එකේ පළවෙනි (1) index එකට “A” කියන value එක insert කරලා තියනවා.

List Insert run

 

remove()

remove method එක භාවිතා කරන්නේ list එකකින් අපිට අවශ්‍ය item එකක් අයින් කරන්න.List Remove

මෙතැනදී List1  කියන list එකෙන් 5 කියන item එක අයින් කරලා තියෙනවා.

List Remove run

 

 

sort()

අපට list එකක් ඇතුලෙ තියෙන items ආරෝහණ පිළිවෙලට හදාගන්න ඕනෙ නම් sort කියන method එක භාවිත කරන්න පුළුවන්.

List Sort

මේ උදාහරණයෙදි List1 කියන list එක ආරෝහණ පිළිවෙලට sort කරලා තියනවා.

List Sort run

 

max() සහ min()

List එකක උපරිමය සහ අවමය හොයාගන්න අවශ්‍ය නම් අපට min() සහ max() කියන function දෙක භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕනෙ min() , max() කියන්නේ list method දෙකක් නෙමෙයි function දෙකක් කියල. ඒ නිසා min(list_එකේ_නම) සහ max(list_එකේ_නම) කියන විදිහට තමා යොදාගන්න ඕනෙ.

List Min Max

මෙතැනදී List1 කියන list එකේ උපරිම අගය තියෙන item එක “Max=” ලෙසත් අවම අගය   “Min =” ලෙසත් print වෙනවා.

List Min Max run

මේ දේවල් තම Python List ගැන මුලිකව ම දැනගන්න ඕනෙ. ඉදිරි article එකකින් Python වල තියෙන tuple සහ dictionary data type ගැන කතා කරමු.

මෙම article එකේ භාවිතා කල සියලුම code http://ksoftlabs.com/lists-in-python කියන link එකෙන් ලබාගන්න පුළුවන්.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s